Back to Top

මෙහෙම ගියොත් තරගයක් නෑ

September 22, 2012  


ආදිවාසී කණ්ඩායම හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර පසුගියදා පැවති කි‍්‍රකට් තරගය ආරම්භ වීමට පෙර දෙපැත්තෙම අය ව්‍යායාමවල නිරත වුණා.

ඇමති විමල්, ඩලස් සහ ඩිලාන් වගේම නාමල් රාජපක්ෂත් එතන හිටියා. ආදිවාසීන් ව්‍යායාමවල නිරත වෙනවා බලාහිටපු විමල් කණ්ඩායම තුළ බියක් ඇති කළා.

"අපි මේක පැරදුනොත් කට්ටිය කියයි මුං වැද්දන්ගෙනුත් කාලා ආවා කියලා. දිනුවොත් කියයි වැද්දන්ටනේ ගැහුවේ කියලා."
විමල්ගේ කතාව හැමෝම අනුමත කළා. කි‍්‍රකට් තරගය ආරම්භයේදී ආදිවාසියෙකු විස්තර ප‍්‍රචාරය ආරම්භ කළේ ඔවුන් අදහන දෙවිවරුන් රැසකගේ නම් කියමින්.

දෙවිවරුන්ගේ නම් කියනවා අහගෙන හිටපු නාමල් ඇමති විමල් දිහා පුදුමයෙන් වගේ බැලූවා.

"ඇමතිතුමා අරුන් අපිට දෙස් දොවොල් දෙනවද දන්නේ නෑ. අපිත් දන්න දෙවියන්ව සිහිකරලා වැඬේට බහිමු."විමල් විහිළුවෙන් උත්තර දුන්නා.

කි‍්‍රකට් තරගය පහසුවෙන් ජයගන්න බව දැනගත්ත ඇමති විමල් මැති ඇමතිවරුන් එක්ක කතා කතා කළා.

‘‘මෙහෙම ගියොත් තරගයක් නෑ. අපි පන්දු දාන එක ටිකක් ලිහිල් කරමු.’’

විමල්ගේ යෝජනාවට එකඟ වූ මැති ඇමතිවරු ආදිවාසීන්ට ගහන්න ලේසි විදිහට පන්දු දැම්මා. ආබාධයකට ලක්ව සිටි ආදිවාසී පිලේ දක්ෂතම පිතිකරුවා අවසන් මොහොතේ පිටියට පිවිස ඒ පන්දු වලට දිගට හරහට ගහන්න ගත්තා.

"විමල් අයියේ වැඬේ හරියන පාටක් නම් නෑ. ඌ ටිකක් තදට ගහනවා. අපිත් තදට පන්දු දාලා මේක ඉවරයක් කරමු. නැත්නම් අපි පරදියි."

නාමල් රාජපක්ෂ ඇති කළ බියත් සමග වේගවත්ව පන්දු යවලා මැති ඇමතිවරු ජයග‍්‍රහණය කළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>