Back to Top

රැඩිකල් ප්‍රතිපත්ති මාලාවක් ගේන්න රනිල් ලෑස්තියි

September 22, 2012  


මැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම පසුගියදා රැස්වුණා. ඒ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මේ රැස්වීමේදී කාගේත් අවධානයට ලක් වුණේ රංජිත් මද්දුම බණ්ඩාර කළ දීර්ඝ කතාවයි.

"මම මේ කතාකරන්නේ කාගේවත් වුවමනාවකට නෙමෙයි. කාටවත් වරද පටවන්නත් නෙමෙයි. පාක්ෂිකයින්ට තියෙන ආදරේ නිසා. අපි පරණ දේවල් අමතක කරලා දාමු. විනය පරීක්ෂණ තියන එක නතර කරමු. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අහිමි වූ සංවිධායකකම් නැවත දෙමු. එහෙම නැතුව අපිට ඊළඟ මැතිවරණ දිනන්න අමාරුයි.

ආණ්ඩුව ගැන ජනතාවට ලොකු කලකිරීමත් තියෙනවා. නමුත් අපි ගැන තාමත් ප‍්‍රසාදයක් ඇති වෙලා නෑ. ඒක මේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පේනවා. ඒ නිසා අපි අලූත් විදිහකට හිතමු."

රංජිත්ගේ කතාව අවසානයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසත් කතා කළේ පක්ෂය සමගි කිරීම සඳහායි.

"තවත් මැතිවරණ කිහිපයක් එන්න තියෙනවා. ඒකට අපි දැන්ම ලෑස්ති වෙන්න  ඕනේ. ඒක කරන්න නම් මේ පක්ෂය ඇතුළේ පළිගැනීම් නවත්වන්න  ඕනේ. පළවැනි එක සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගමු."

රංජිත් මද්දුම බණ්ඩාරගෙත්, සජිත්ගෙත් කතාවට සවන්දුන්න රනිල් ඔහුගේ ස්ථාවරය ප‍්‍රකාශ කළා.

 "අපි ඔය ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කතා කරමු. ඔය කියන දේවල් කරන්න වෙන්නේ පවතින ව්‍යවස්ථාවට අනුවයි. 2014 ජාතික මැතිවරණයක් සඳහා රැඩිකල් ප‍්‍රතිපත්ති මාලාවක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා." වික‍්‍රමසිංහ මහතාගේ පැහැදිලි කිරීම වුණා.

MOST VIEWED VIDEO STORIES

MORE >>