Back to Top

නාමල්ට සිරිකොත බලන්න ඕනලු!

September 14, 2012  


බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මැණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න රනිල් වික‍්‍රමසිංහත් තිස්ස අත්තනායකත් නුගේගොඩ නිවසට යද්දි ජනාධිපතිවරයාත් මළ ගෙදර ඇවිත් හිටියා.
අවසන් ගෞරව දක්වලා එළියට ආපු රනිල් එක්ක ජනාධිපතිවරයා කතාවට පැටලූණා.

" අපේ නාමල් අහනවා සිරිකොත බලන්න පුළුවන්ද කියලා."

" මොකද බැරි ? මහලේකම් තුමාට කතා කරලා  ඕන වේලාවක එන්න කියන්න."

 රනිල් එලෙස ප‍්‍රතිචාර දක්වද්දි ජනාධිපතිවරයා රනිල්ගේ කනට කරලා විහිළුවක් කළා.

"ගල් ගහපු එකත් ආශිර්වාදයක් කර ගත්ත නේද ?" ජනාධිපතිවරයා කියපු විදිහට ආපු හිනාව හැමෝම පාලනය කරගත්තේ බොහෝම අමාරුවෙන්.


MOST VIEWED VIDEO STORIES

MORE >>