Back to Top

ෆොන්සේකා පක්ෂයට ගන්න කතා කරන්න ලෑස්තියි

September 14, 2012  

ශල්‍ය කර්මයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා බලන්න සරත් ෆොන්සේකා මහතා ඒ රෝහලට ගියා. පැයකට අධික කාලයක් රෝහලේ ගත කරපු ෆොන්සේකා මහතාට හරීන් ලෙඩ ඇඳේ ඉඳන් යෝජනාවක් කළා.

" සර් දැන්වත් යු.එන්.පී එකට එන්න."

" ඒක මහ ලොකු දෙයක්යෑ. රුපියල් 20 ක් දීලා සාමාජික කොළයක් ගන්න විතරයිනේ තියෙන්නේ."

" එහෙම නෙමෙයි සර් තනතුරක් ගැන කතා කරලා එන්න පක්ෂය ඇතුළට."

"හරීන් ඔයාලා කතා කරන්න . මම ලැහැස්තියි." ෆොන්සේකාගේ අවසන් ප‍්‍රතිචාරය වුණා.

සරත් ෆොන්සේකා රෝහලෙන් පිටව ගොස් ටික වේලාවකට පසුව එතනට රනිල් වික‍්‍රමසිංහත් ආවා.

ආපු සැණින් හරීන් මුට්ටිය දැම්මා.

" සර් මම ෆොන්සේකා මහත්මයාට පක්ෂෙට බැඳෙන්න කියලා යෝජනා කළා. එයා ඒකට කැමතියි වගේ. බැරිද අපිට එතුමාව වගකීමක් දීලා ඇතුළට ගන්න."

" හරීන් අපි කතා කරලා බලමු." රනිලූත් හරීන්ගේ යෝජනාවට සුබවාදීව ප‍්‍රතිචාර දැක්වුවා

MOST VIEWED VIDEO STORIES

MORE >>