Sri Lanka
April 23, 2014  10:34:PM

ඉන්දීය රජයට හිසරදයක් වූ කාටුන් ශිල්පියා

September 20, 2012  

Bookmark and Share


රාජ්‍ය ද්‍රෝහී වූ බවට චෝදනා කර ඉන්දීය පොලීසිය විසින් රඳවා තබාගත් කාටුන් ශිල්පි  අසීම් ට්‍රිවෙඩි ඉකුත් සතියේ ඇප පිට නිදහස් කරන ලදී.ඔහු තවදුරටත් රඳවා තබා ගැනීමට  අවශ්‍ය නොවන බව මුම්බායි අධිකරණය විසින් තීන්දු කිරීමත් සමග ඔහුගේ පාඨකයින්  අධිකරණය අසළ ප්‍රීතී ඝෝෂා පැවැත්වූහ.අසීම් ට්‍රිවෙඩ් නිදහස් කාටුන් ශිල්පියෙකු මෙන්ම දූෂණ විරෝධී ව්‍යාපාරයක යෙදෙන්නෙකි.ඉන්දියාවේ ජාතික විවාදයක් වූ “කතා කිරීමේ නිදහස” පිළිබඳ වන කතිකාව  යළි දල්වන්නෙකි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාවේ බලධාරීන් විසින් Twitter මාධ්‍ය  මර්දනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව ඔහු සිය පැන්සල හා පින්සල භාවිතයේ යෙදවීය.විසි පස් හැවිරිදි ට්‍රිවෙඩි මුලින්ම තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ඉල්ලා සිටිනු  ලැබුවේ තමාට එල්ල කරනු ලැබූ චෝදනා ඉවත තමන ලෙසයි. එසේ නමුත් මුම්බායි  මහාධිකරණය ඔහුට ඉන්දීය රුපියල් 5000 ක්(අ.ඩො.90)ක ඇප මත නිදහස් කිරීමට තීරණය කළේය. ඒ ප්‍රාන්ත ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පිළිබඳ යළි  සිතා බලන බවට අධිකරණයට වූ පොරොන්දුවෙන් පසුවය.

තරුණ නීතිඥයෙකු විසින් ට්‍රිවෙඩිට එරෙහිව මුම්බායි අධිකරණයට ඉදිරිපත් කළ  පෙත්සමක් හෙතෙම අත්අඩංගුවට ගැනීමට ඉවහල් විය. ඉන්දීය ජාතික සංකේත ට්‍රිවෙඩි විසින් හාස්‍යයට ලක් කර ඇතැයි තරුණ නීතිඥයා සිය පෙත්සම මගින් අධිකරණයට  කරුණු දක්වා තිබිණි. මොහුගේ කාටුන් වලින් එක් නිර්මාණයක වාක්‍ය 4 ක ඉන්දීය ජාතික සංකේත වැරදි අර්ථ නිරූපණ වන සේ දක්වා ඇති බව පැමිණිල්ලේ චෝදනාව විය. එසේම ඉන්දීය ජාතික උදාන වැකිය  වන"සත්‍යය ජය ගනී"යන්න "දූෂණය ජයගනී"ලෙස විකෘති කර ඇති බවටද පැමිණිල්ලේ නීතිඥයා අවධාරණය කර තිබිණි. සැබවින්ම  කාටුන් ශිල්පියාට  එරෙහි චෝදනා තහවුරු වූයේ නම් උපහාස රචකයාට වසර 3 ක සිරදඬුවම් නියමවීමට ඉඩතිබුණු බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

එහෙත් ට්‍රිවෙඩිට තමන් කරමින් සිටින්නේ කුමක්ද යන්න පිළිබඳ මනා අවබෝධයක් හා අනාගත දැක්මක් ඇති බව පැහැදිලිය.සත්‍ය හාස්‍යජනක ලෙස නිරූපණය කරමින් තමන් ගෙන යන කුරුස යුද්ධය ඉදිරියටත්  ගෙනයන බවට ඔහු කියා සිටියි.සමාජයීය හා වාර්ගික සාධාරණත්වය ,පංති විෂමතාව පිටුදැකීම තම අරමුණ බව ඔහු  පෙන්වාදෙයි.

"අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  124 ඒ වගන්තිය මුළුමනින්ම අහෝසි කරන තෙක් ඒ  සඳහා මිනිසුන් පොළඹවන මාගේ අරගලය ඉදිරියට ගෙනියනවා..එම අරගලය මාව නිදහස්  වනතුරුත් සීමා වූයේ නෑ.එය රටට එරෙහිව කරන ලද අභ්‍යාසයක් නොව කතා කිරීමේ  නිදහස පිළිබඳ වූ අයිතියක් විය යුතුව තිබුණා."ට්‍රිවෙඩි පවසයි.

භාෂණයේ නිදහස හා දූෂණ විරෝධී සමාජ ක්‍රියාකාරීන් අතර ට්‍රිවෙඩිට හදිසියේම ඉමහත්  පිළිගැනීමක් හිමිවිය. ඉන්දියානු රජය  මේවන විට තමාට දූෂණ හා අක්රිමිකතා පිළිබඳ  ඇඟිල්ල දිගුකරන්නන් නොරුස්සන මට්ටමට පැමිණ ඇත.ඉන්දීය අග්රාටමාත්යස මන් මෝහන් සිං ගේ නියෝග මත Twitter ගිණුම් ගණනාවකට  ප්රtවේශවීමට නොහැකි ලෙස ඉකුත් මාසයේ තාවකාලිකව අවහිර කර තිබේ. අන් අයගේපුද්ගලික තොරතුරු ආශ්රtයෙන් ව්යාටජ ලෙස සකසන ලද Twitter ගිණුම් මෙලෙස  තාවකාලිකව අවහිර කර ඇති බව එරට බලධාරීන් පවසා ඇතත් ඇතැමුන් පවසන්නේ එසේ ව්යා්ජ ලෙස සකසන ලදැයි කියන ගිණුම් මෙන්ම ඒවාද ඇතුළත්ව රජයේ දූෂණ හා  අක්ර මිකතා විවේචනය කරන්නන්ගේ හා ඊට එරෙහිව අරගල කරන්නන්ගේද ගිණුම් අවහිර කිරීමට පියවර ගෙන ඇති බවයි.

රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන බවට ජාත්‍යන්තර වශයෙන් හා  රටේ අභ්‍යන්තරයෙන් ඉන්දීය රජයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතියදී  ට්‍රිවෙඩි ද එහි ගිනි පළිඟුවක් දල්වන්නෙකු බවට පත්ව තිබේ. ලෝකය වේගයෙන් ඉදිරියට ගමන් කරද්දී යළි ආපසු හැරෙමින් යටත් විජිත කාලයේ පැවති නීති යළි ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට ඔවුහු ඉන්දීය රජයට චෝදනා එල්ල කරති.

"දේශපාලනඥයන් ඉවසීමට ඉගෙන ගත යුතුයි.මේක ආඥාදායක පාලනයක්  නෙවෙයි"ඉන්දීය පුවත්පත් මණ්ඩලයේ ප්‍රධානියා මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මාර්කන්ඩි කත්ජු CNN-IBN television පුවත් සේවයට අදහස් දක්වමින් පෙන්වාදෙයි.මහා රාෂ්ට්රි ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය C පී.ආර් පටෙල් ,දැවැන්ත විරෝධතා  ව්‍යාපාරයක් දියත් කරමින් පවසා ඇත්තේ ට්‍රිවෙඩිගේ සිදුවීම හා ඔහුට එරෙහිව නඟා ඇති චෝදනා පිළිබඳ රජය යළි සිතා බැලිය යුතු බවයි.

ට්‍රිවෙඩි ඉන්දියාවේ නිදහස් කාටුන් ශිල්පියෙකි.එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් "කාටුන්ශිල්පීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ජාලය"විසින් 2012 වසරේ නිර්භීත කාටුන්  ශිල්පීන් වෙනුවෙන් ප්‍රදානය කරන ලද සම්මාන ද්විත්වයෙන් එකකට හිමිකම් කියුවේ ඔහුය. මෑත කාලීන ඉන්දීය දූෂණ විරෝධී අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූද,ඉකුත්  දෙසැම්බරයේ මුම්බායි නගරය කේන්ද්‍ර කරගත් දූෂණ විරෝධී ව්‍යාපාරයේ මග පෙන්වන්නා  වූද  අන්නා හසාරේගේ දැක්ම ට්‍රිවෙඩිගේ කාටුන් නිර්මාණවල පතිතවී ඇති සෙවැනැල්ලයි.  ඔහු ඉන්දීය දේශපාලනඥයින් ගේ දූෂණ හා අක්‍රමිකතා හාස්‍යජනක ලෙස හෙළිදරව් කරමින් සිටියි.

ඉන්දීය ජනමාධ්‍ය  අමාත්‍ය අම්බිකා සෝනි මෙම සිදුවීම පිළිබඳ දැඩි කම්පනයෙන් යුතුව සිටියි. ඉන්දීය ව්‍යවස්ථාව තුළින් අර්ථ දක්වා ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස  සුරක්ෂිත කිරීම පිණිස තමන් වගකියන අතරම ඉන්දියානු පුරවැසියන් ලෙස  සියලුදෙනාම ජාතික සංකේත වලට ගරු කළ යුතු බව හෙතෙම පවසයි."අපේ රජය වාරණය කරන්නේ නෑ..එය සෑම පියවරක් සඳහාම ස්වයං වාරණයක් පනවා ගන්නවා  පමණයි"                                                                                             හෙතෙම අවධාරණය කරයි.

ට්‍රිවෙඩි අත්අඩංගුවට ගැනීමෙන් මාස 5 ට පමණ පසු බටහිර බෙංගාලයේ විශ්ව විද්‍යාලයක  සේවය කරනු ලබන මහාචාර්යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බටහිර බෙංගාල  ප්‍රාන්ත රජයේ ප්‍රධාන අමාත්‍ය  මම්තා බෙනාජි උපහාසයට ලක් කළ කාටුනයක් ඔහු විසින්  ඊ මේල් කළ බැවිනි. ඒ අයුරින්ම පසුගිය මාසයේ බටහිර බෙංගාලයේ ගොවියෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.බෙනාර්ජි සහ ඔහුගේ ගොවිපළ ප්‍රතිපත්ති විවේචනය කළ බැවින්  මාඕවාදියෙකු ලෙස හංවඩු ගසා මොහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි. ඔවුන් දෙදෙනාද මේවන  විට ට්‍රිවෙඩි මෙන් ඇප මත මුදාහැර ඇති මුත් රාජ්‍ය  ද්‍රෝහීවූ බවට එල්ල වූ චෝදනා තාමත් වලංගුය.


-අල්ජසීරා ඇසුරිණි.



Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.