මහින්ද ජනමතයක් ඉල්ලයි

මහින්ද ජනමතයක් ඉල්ලයි

November 9, 2018   07:10 pm

තමන් ගත් තීන්දුව සම්බන්ධයෙන් ජනතා මතය විමසිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(09) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්ය.

අමාත්‍ය ආචාර්ය බන්ඳුල ගුණවර්ධන මහතා විසින් රචිත ශ්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප්‍රගතිය සහ අගතිය කෘතිය එළිදැක්වීම අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.

මෙහිදී  සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ ගැටළු රැසක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බව වාර්තා වෙයි.

මෙ අතර රාජ්‍ය සේවකයාගේ කාර්යය බාරය වඩා ඵළදායී ලෙස ලබා ගැනීම සඳහා ඔවුන්ට බියෙන් සැකෙන් තොරව රාජකාරි කළ හැකි වාතාවරණයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අද පෙරවරුවේ අග්‍රමාත්‍ය කාර්යාලයේදී රාජ්‍ය නිළධාරින් සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.