රජයට සහය දෙන තවත් පිරිසක් ගැන SB කියයි

රජයට සහය දෙන තවත් පිරිසක් ගැන SB කියයි

November 9, 2018   06:52 pm

මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ නව මුස්ලිම් කොංග්‍රසයේ සහයද නව රජයට ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අද(09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් කැඳවූ මාධ්‍ය හමු කිහිපයක් අදත් පැවැත්වුණි.

මේ අතර රට තුළ නිවැරදි දේශපාලන බලවේගයක් ස්ථාපිත කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසන්නේ ඒ මඟින් රට තුළ විශාල පරිවර්තයන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.