යතුරුපැදි අනතුරකින් පොලිස් කතක් මරුට

යතුරුපැදි අනතුරකින් පොලිස් කතක් මරුට

November 9, 2018   06:28 pm

කටුනායක, බටපදුර බෝක්කුව අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.

යතුරු පැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සායාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි නාරම්මල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු කටුනායක පොලිස් ස්ථානනයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්ය.

කටුනායක පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.