පාර්ලිමේන්තුව විසුරුවන්න ගම්මන්පිල ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවන්න ගම්මන්පිල ඉල්ලයි

November 9, 2018   06:03 pm

පවතින තත්ත්වය හමුවේ සිදු කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් පැවැත්විම බව පිවිතුරු හෙල උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පව​සයි.

ඔහු පවසන්නේ  ජනතා ඡන්දයෙන් අගමැතිවරයෙකු පත්කර ගැනීම වාඩත් උචිත බවයි.

කොළඹ අද(09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.