පාරමීට ගමෙන් උපහාර

පාරමීට ගමෙන් උපහාර

November 9, 2018   05:36 pm

ආජන්ටිනාවේදී  පැවැති  තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ලෝකඩ පදක්කමක් හිමිකරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට උපහාර පිදීමේ උත්සවයක් අද(09) පස්වරුවේදී පැවැත්විණි.

හලාවත මුලස්ථාන පොලීසිය, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇතුළු රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන කීපයක් හා හලාවත වෙළඳ සංගමය එක්ව මෙය සංවිධානය කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

මේ අවස්ථාවට පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ මව්පියනටද ඇරයුම් කර තිබීමද විශේෂත්වයකි.

හලාවත කාර්මෙල් බාලිකා විදුහල් ශ්‍රවනාගාරයේදී පැවති මෙම උත්සවයේදී පරමිගේ හැකියාවන් අගය කරමින් හා ඇගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සම්මාන, ත්‍යාග හා මුදල් පරිත්‍යාග කිරීම් රැසක් සිදු කර තිබේ.

හලාවත සහකාර පොලිස් අධිකාරී කිර්ති බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර ආගමික නායකයන් කීප දෙනෙක්ද මෙම අවස්ථා සදහා එක්ව සියේය.