ජනපතිට එරෙහිව ගේන දෝෂාභියෝගයකට සහය දෙන්නෑ

ජනපතිට එරෙහිව ගේන දෝෂාභියෝගයකට සහය දෙන්නෑ

November 9, 2018   04:07 pm

රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එම දෝෂාභියෝගයට දෙමළ ප්‍රගිතශීලි සන්ධානයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ සහයෝගය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුධය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සඳහා අද(09) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති රැස්විමක් අමතමින් මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා කියා සිටියේ දෙමළ ප්‍රගිතශිලි සන්ධානය ප්‍රතිපත්ති ගරුක ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටේ පිළිගත් ජනප්‍රිය දේශපාලන සන්ධානයක් බවයි.

මෙම රැස්විමේදි අදහස් දැක්වු එම සන්ධානයේ නියේජ්‍යය නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වත්මන් රජ්‍යයට සහයෝගය දක්වන ලෙස විශාල පිරිසකගෙන් වරප්‍රසාද සහිතව ඉල්ලිමක් ගණනාවක් ලැබුණු බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු වතු කරයේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති තම සන්ධානය කිසිසේත් තම ප්‍රතිපත්ති පවා නොදෙන බව පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

මෙම රැස්විමේදි අදහස් දක්වු එම සන්ධානයේ නියෝජ්‍යය නායක හිටපු රාජ්‍යය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ දෙපාර්ශවයම සාකච්ඡා කර යළිත් මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මේ රටේ ඇති කළ මාධ්‍යය නිදහස නැති වෙමින් යන බවත්, එම මාධ්‍යය නිදහස විනාශ විමට ඉඩ ලබා නොදන ලෙසටද වි.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසීය.