ජීවිත 47 ක් බිලිගත් රිය අනතුර
සයුරෙන් එතෙර

ජීවිත 47 ක් බිලිගත් රිය අනතුර

November 9, 2018   03:03 pm

සිම්බාබ්වේ හරාරේ අගනුවර සහ රුසේප් නගරය අතර ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයින් 47දෙනෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා වල දැක්වෙයි.

අනතුර සිදුවූ ස්ථානයේ පුද්ගල මළ සිරුරු රැසක් විසිරී තිබූ ආකාරයත් දක්නට ලැබුණු අතර අනතුරින් බස් රථ දෙකද මුළුමණින්ම විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිදුවීම වාර්තාවීමත් සමඟ හදිසි සේවා අංශ ක්‍රියාත්මක වූ අතර සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුමක්ද දියත් කර ඇත.