වයස්ගත පුද්ගලයෙක් පිළිස්සී මරුට

වයස්ගත පුද්ගලයෙක් පිළිස්සී මරුට

November 9, 2018   02:45 pm

අද(09) උදෑසන 8.50ට පමණ වලස්මුල්ල පොලිස් වසමේ හඳුගල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් පිළිස්සී මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන පණිවිඩයක් අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

පිළිස්සී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 76 ක් වු මාතර පදිංචි වන්නිආරච්චිගේ නිමල්හාමි යන පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

වලස්මුල්ල, පොලිසීය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.