බීඩි කොළ කිලෝ 700 ක් ඇද්ද සැකකරුවන් 5ක් මාට්ටු

බීඩි කොළ කිලෝ 700 ක් ඇද්ද සැකකරුවන් 5ක් මාට්ටු

November 9, 2018   01:39 pm

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන යන ලද බීඩි කොළ කිලෝ 700 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

අද(09) අලුයම 3 ට පමණ කල්පිටිය පොලිස් වසමේ කල්පිටිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

කල්පිටිය-පාලවිය ප්‍රධාන මාර්ගයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේ දී සැකසහිත ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී ඉන්දියාවෙන් මෙරටට බෝට්ටු මඟින් ගෙන්වන ලද නීති විරෝධි බීඩි කොල කිලෝ 704 යි ග්‍රෑම් 700 ක් සමඟින් සැකකරුවන් 5 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරදු 50 ක් වු මනල්කොටට්ටම් වන්නි මුන්දලම, කල්පිටිය ප්‍රදේශය් පදිංචි අයෙක් රියදුරු ලෙස සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම වයස අවුරුදු 39  ක් වු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, වයස අවුරුදු 25 ක් වු වැල්ලවීදිය ප්‍රදේ‍්ශයේ පදිංචිකරුවෙක් , වයස අවුරුදු 19 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා වයස අවුරුදු 28 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.