මත්වුණ රාත්‍රියේ දී කඩයක් කුඩු වෙයි

November 9, 2018   01:37 pm

කොටගල නගරයේ ආපන ශාලාවකට කිසියම් පිරිසක් පහරදී හානි කර තිබේ.

කොටගල වුටන් නගරයේ පවත්වාගන යන ආපන ශාලාවකට කිසියම් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදුකල බවට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පැවැසීය.

දිඹුල පතන පොලිස්බල ප්‍රදේශයට අයත් කොටගල -වුටන් නගරයේ පවත්වාගෙන යන ආපන ශාලවට කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රියේ පහර දී හානි සිදු කර ඇති අතර එම පිරිස විසින් එම වෙළඳසැලේ ඉදිරිපස වීදුරු හා ආහාර පිසීම හා ඇසුරුම් කිරීම සඳහා භාවිතා කරන උපකරන රැසකට පහරදී බිඳ දමා තිබේ. 

එම අවස්ථාවේ ගල් වලින්ද වෙළඳ සැලට පහර දී ඇති අතර එම සිදුවීමෙන් කිසිවෙකුට තුවාල සිදුවූ බවක් වාර්තා නොවේ.

සිදුවීම  සම්බන්ධව වෙළඳසැලේ හිමිකරු විසින් දිඹුල පතන පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබේ. 

ඒ සම්බන්ධව දිඹුල පතන පොලිසියෙන් කළ විමසීමකදි පැවසුවේ දෙපිරිසක් විසින් බීමත්ව සාදයක් පවත්වා ඇති බවත් ඒ අවස්ථාවේ ඇති වු ආරවුලක් දුරදිග යාම නිසා මෙසේ පහරදීමක් සිදු කර ඇති බවත් එක් පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.