Back to Top

කුරුණැගලින් හමුවූ හම්බාවාට ප්‍රතිකාර

කුරුණැගලින් හමුවූ හම්බාවාට ප්‍රතිකාර

September 14, 2018  09:38 pm

Bookmark and Share

 

කුරුණැගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේදි හමුවු හම්බාවාට වයඹ කළාපයේ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ එකකය මගින් ප්‍රතිකාර කිරිම ආරම්භ කල බව  පශු වෙද්‍ය එච් .කේ .ඉසුරු මහතා පැවසිය.

කුඩා ගල්ගමුව ප්‍රදේශයේ ඉඩමක වැටි සිටියදි නිකවැරටිය වන ජීවි කාර්යාලයට ලැබුන දැනුම් දිමකට අනුව අඩවි ආරක්ෂක අයි.එම්.ජී. සේනාරත්න මහතා ඇතුළු නිළධාරින් කන්ඩායමක් විසින් අදාල ප්‍රදේශයේ සිට රැගෙන විත් වන ජීවි සෞඛ්‍ය කළමණාකරණ එකකයට ප්‍රථිකාර සදහා ( 13) සවස භාර දි තිබිණි.
  
නැඟී සිටිම සහ ගමන් කිරිම නොහැකි ආකාරයෙන් අසාධ්‍යව සිටි හම්බාවාගේ තත්වය බරපතල ව පැවතියද මෙ වන විට තරමක සුව මට්ටමකට පැමින ඇති බව පශු වෛද්‍ය එච් .කේ .ඉසුරු මහතා කියයි.

හම්බාවන් පිළිබදව තොරතුරු   විමසිමේදි අදහස් දැක්වු පරිසරවේදි සජිව චාමිකර මහතා මෙසේ පවසා සිටියේය.
 
“හම්බා වර්ගයට අයත් මෙම හම්බාවා දැනට වදවියාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති ක්ෂීර පායි වර්ගයට අයත් දඩු ලේනාට සමානකම් දක්වන සත්වයකු නමුත් ඕනෑම උස් ස්ථානයක සිට පහතට නිරුපද්‍රිතව පාවි යාමේ සුවිශේෂ හැකියාවක් ඇති සත්වයකු ලෙස හදුන්වන්න පුළුවන්.

එසේම ශ්‍රී ලංකාව තුළ මධ්‍යම කදුකරයේ වාසය කරන හම්බාවන් වර්ග දෙකක් සිටිනවා . හින් හම්බාවා සහ මහ හම්බාවා ලෙස නමුත්  පහත රට වියළි කළාපයෙන් හමුවිම ඉතාම අඩුයි. එසේම  වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ 30 වගන්තිය අනුව දැඩි ආරක්ෂීත සත්වයකු ලෙස නම් කර තියෙනවා. අනික් කරුණ තමා  දහවල් කාලයේ සැරිසැරිම අඩු තත්වයක් තිබේනවා එවට හේතුව මෙම සතුන්ට නිදහසේ සැරිසැරිමට මේ වන විට පරිසරය අනිසි බළපැම් වලට ලක්විම.
 
ඒ නිසාම රාත්‍රි කාලයේ හම්බාවන්  නිදහසේ සැරිසැරිමට කටයුතු කිරිම දැන ගන්න ලැබෙනවා .මෙය අමතරව නිශාචර සත්වයකු ලෙස හම්බාවා හැදින්විය හැකියි. මෙහි බරපතල තත්වය මේ වන විට උදාවි තිබේන්නේ  2012 වසරේදි ජාතික රතු දත්ත ලේඛණය අනුව වදවියාමේ තර්ජනයට ලක්ව තිබිම තමා මේ වන විට තත්වය. අනික් කරුණ මේ සතා හුදකලාව තනිව සිටිමට දැඩි රුචිකත්වයක් දැක්විම වාර්ථා වනවා.

කෙසේ නමුත් මේ සතුන් ආරක්ෂා කිරිමට තවමත් අපි අතර නිසි ක්‍රම වේදයක් නොමැති විම බරපතල යැයි ඔහු පැවසිය. 

 මෙසේ හමුව දැනට වන ජීවි පශු වෛද්‍යවරුන්ගේ රැකවර්ණයේ ප්‍රථිකාර ලබන හම්බාව කිලෝ පහකට වඩා බරකින් යුත් අතර වලිගය අඩියකට වැඩි දිගකින් යුක්ක වන අතර තටු යුගල දිග හැරිමේන් පසුව එය ද අඩි දෙක ඉක්ම වන බව වනජීවි නිළධාරින් පවසයි.
   
 මෙ වන විට වයඹ කළාපයේ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ එකකයේ පශු වෛද්‍ය එච්.කේ ඉසුරු මහතා සමග වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලියු .එම් . මංජුල විජේපාල මහත හා වන සත්ව නියාමක අයි.ඩි. ලක්ෂීත මහත්වරුන් මේ වන විට හම්බාවාගේ දිවි ආරක්ෂා කිරිමට ප්‍රථිකාර අරඹා තිබේ.
 

MOST VIEWED VIDEO STORIES