මාලිගාවත්තේ වෙඩිතැබීමක්-පුද්ගලයෙකු රෝහලට

මාලිගාවත්තේ වෙඩිතැබීමක්-පුද්ගලයෙකු රෝහලට

September 12, 2018   09:04 pm

මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද(12) රත්‍රී 8.40 පමණ මාලිඟාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවණ මහල් නිවාසය අසළදී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන අවි ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට ජාතික රෝහලට ඇතුළත්ව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 හැවිරිදි අජිමීර් නැමැති අයෙකු බවට හඳුනාගෙන තිබේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.