ලියුම දෙන්න බැරි හේතුව අමරවීර කියයි

ලියුම දෙන්න බැරි හේතුව අමරවීර කියයි

August 11, 2018   12:54 pm

 

විපක්ෂ නායකධුරය ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙකුට ලබාදීමට නීත්‍යානුකූල හැකියාවක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (10) වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා වෙනම තරඟ කළේ නම් විපක්ෂ නායක ධූරය ලබාගැනීමේ හැකියාව තීබු බවද ඒ මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මහතා සහ කුමාර වෙල්ගම මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ නිසා තමාට ලියුමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.