දුම්රිය වෘත්තිය සමිතිවල විධායක සභාව අද රැස්වෙයි

දුම්රිය වෘත්තිය සමිතිවල විධායක සභාව අද රැස්වෙයි

August 11, 2018   12:42 pm

 

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිතිවල විධායක සභාව අද (11)  පස්වරුවේ පැවැත්වෙන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

 වැටුප් විෂමතා මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද සිව් වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඊයේ (10) පස්වරුවේ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය බලධාරින් පියවර ගෙන තිබුණ ද අද උදෑසන කිසිඳු දුම්රියක් ධාවනය නොවූ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් අචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද පස්වරුවේ මගීන්ගේ පහසුව සඳහා දුම්රිය කිහිපයක් ධාවනය කරවිමට සැලසුම් කරන බව ද ඔහු සදහන් කළේය.

මේ අතර අද දිනයේ පැවැත්වෙන විධායක සභාවෙන් අනතුරුව දුම්රිය කිහිපයක් ධාවන කිරිම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණිමට බලාපොරොත්තු වන බව දුම්රිය එංජින්  රියදුරන්ගේ සංගමයේ  ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සදහන් කළේ.