IOC ඉන්ධන මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

IOC ඉන්ධන මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

August 11, 2018   12:08 pm

 

‍අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වරක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වර්ග දෙකක මිල ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය පියවර ගත්තේය.

ඊට සමගාමීව අද (11) මධ්‍යම රාත්රිකයේ සිට ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් ඉහළ නංවන බව එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන්  95 පෙට්රිල් ලීටරයක මිල රුපියල් 02කින් ද යුරෝ ෆෝ වර්ගයේ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියලකින් ද ඉහල නැංවෙනු ඇත.

රුපියල් 158ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රලල් ලීටරයක නව මිල රුපියල්  160ක් වන අතර රුපියල් 129ක්ව පැවැති ඩීසල් ලීටරයක මිල රුපියල් 130ක් දක්වා ඉහල යන බව අයි.ඕ.සී සමාගම සඳහන් කළේය.

කෙසේවෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිල සංශෝධනයක් නොවන බවද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.