Back to Top

කෝටි ගාණක විදෙස් මුදල් සිංගප්පූරුවට අරන් යද්දී ඉන්දියානුවෙක් හා ලාංකිකයන් 2ක් කොටුවෙයි

කෝටි ගාණක විදෙස් මුදල් සිංගප්පූරුවට අරන් යද්දී ඉන්දියානුවෙක් හා ලාංකිකයන් 2ක් කොටුවෙයි

July 13, 2018  10:13 am

Bookmark and Share

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් (4,80,00,000) ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(13) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහි ඉන්දීය ජාතික ගුවන් මගියා 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, අනෙක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනාගෙන් එක් අයෙක් 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 45 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

මොවුන් අද දින අලුයම 1.55 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් විසින් ඇමෙරිකානු ඩොලර් 52,950 ක්, යූරෝ 1,53,250 ක්, සෞදි රියාල් 2,64,000 ක් සහ කටාර් රියාල් 18,500 ක් නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

රේගු අධිකාරී ඒ.එම්.ජේම්ස්, සහකාර රේගු අධිකාරීවරුන් වන ටී.ඒ.ගුණසේකර , ඩී.රෙංගරාජ් , එම්.එස්.මාසකෝරාල , එස්.සමරසේකර යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ.ජේ.ඔබේසේකර මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.