වතුකරයේ හෙරොයින් අලෙවි කළ ජාවාරම් කරුවෙක් අත්අඩංගුවට

වතුකරයේ හෙරොයින් අලෙවි කළ ජාවාරම් කරුවෙක් අත්අඩංගුවට

July 13, 2018   10:05 am

 

වතුකරයට හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන ජාවාරම් කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.එල්.එම්.ජමිල් මහතා පැවසීය.

මෙම සැකකරු කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් කරමින් සිටින අවස්ථාවේ  ඊයේ (12) රාත්‍රි 8.00 ට පමණ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මුලස්ථාන පොලිස් පරික්ෂවරයා කියා සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කුඩා පැකට් වල අසුරා ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 700 තිබු බවත්, සැකකරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බවත්, හැටන් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හරහා නුවරඑළිය මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය ප්‍රකාශ කළේය.