Back to Top

සෙල්ලකතරගමදී ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

සෙල්ලකතරගමදී ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

July 13, 2018  09:35 am

Bookmark and Share

 

බෝර දොළහ පතොරම් තුවක්කුවක්, බෝර දොළහ පතොරම් යොදන ගල්කටස් වර්ගයේ පිස්තෝලයක් හා ජීව පතොරමක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඊයේ(12) රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම සෙල්ලකතරගම ප්‍රදේශයේදීය. 

මොහු සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි පනස්හය හැවිරිදි අයෙක් වන අතර සැකකරු හා අත්අඩංගුවට ගත් ආයුධ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. 

කතරගම ඇසළ පෙරහැර උත්සව සමය ආරම්භ වීමත් සමඟ ප්‍රදේශය පුරා සිදු කරන විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.