Back to Top

යට ඇඳුම් තුළ සඟවා රත්‍රං ගෙනා ඉන්දියානුවා රේගු බාරයට

යට ඇඳුම් තුළ සඟවා රත්‍රං ගෙනා ඉන්දියානුවා රේගු බාරයට

July 13, 2018  09:25 am

Bookmark and Share

රත්‍රං කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ(12) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මොහු 28 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

ඔහු 7/12 දින දහවල් 11.30 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී, ඔහු රැගෙන ආ ගමන් මල්ලේ, ඔහු ඇද සිටි යට ඇදුම් තුළ සහ පැළද සිටි සෙරෙප්පු තුළ මෙම රත්තරන් කැබලි සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහි රුපියල් 18,86,625 ක් වටිනා ග්‍රෑම් 290.25 ක් බර රත්‍රං කැබලි 09 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ.ජේ.ඔබේසේකර , රේගු අධිකාරී එස්.එච්.එම්.ඉබ්‍රාහිම් , සහකාර රේගු අධිකාරීවරුන් වන ජේ.ඒ.සී.එස්.ජයසිංහ , එම්.එම්.එම්.උවායිස් , ආර්.ආර්.ජී.බී.සී.බණ්ඩාර , ඩී.ජේ.බී.ගුණේන්ද්‍ර , පී.ජී.ගුණවර්ධන සහ ඒ.පී.වික්‍රමසිංහ යන මහත්වරුන් මොහු අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ද පවත්වමින් සිටිති.