Back to Top

දහතුන වසරේ දැරිය රවටා නිවසකට රැගෙන ගොස් දූෂණය කරපු සැකකරු අත්අඩංගුවට

දහතුන වසරේ දැරිය රවටා නිවසකට රැගෙන ගොස් දූෂණය කරපු සැකකරු අත්අඩංගුවට

July 13, 2018  09:24 am

Bookmark and Share

 

තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ දී දහතුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු දහනවයක් පාසල් දැරියක් දූෂණය කළ වඩු කාර්මික පුද්ගලයකු හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු විසින් මෙම පාසල් දැරිය ඇය ඉගෙනුම ලබන පාසල අසල ඇති බෝඩිමට ඇරලවන බව පවසා ගෙන්වාගෙන හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයාගේ නිවස වෙත රැගෙන ගොස් දූෂණය කර ඇත.

මේ පිලිබඳ වින්දිත පාසල් දැරිය හම්බෙගමුව පොලීසිය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර හම්බෙගමුව පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.