ගජමුතු 13ක් සහිත අත් පළඳනාවක් සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

ගජමුතු 13ක් සහිත අත් පළඳනාවක් සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

July 13, 2018   08:28 am

 

ගජමුතු 13ක් සහිත අත් පළදනාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු බේරුවල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගජමුතු සහිත අත් පළදනාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරිමට සූදානම්ව සිටියදී පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙක් ලෙස යොදවා අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

ඔවුන් අද (13) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.