දෙරටේ අගමැතිවරුන් අතර සාකච්ඡා අද

දෙරටේ අගමැතිවරුන් අතර සාකච්ඡා අද

July 13, 2018   07:26 am

 

දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල සාකච්ඡා අද(13) පැවැත්වෙයි.

අරලියගහ මන්දීරයේදී එම සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

අනතුරුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වන බව වාර්තා වෙයි.

එහිදි ඔහු මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දත්ත ධාතුන් වහන්සේ වැදපුදා ගැනීමට සහ මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතයි.

අනතුරුව පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ නිරිකෂණ චාරිකාවක ද නිරත වන තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.