Back to Top

ශ්‍රී ලංකා-තායිලන්තය අතර ගිවිසුම් 04කට අත්සන් තැබෙයි

ශ්‍රී ලංකා-තායිලන්තය අතර ගිවිසුම් 04කට අත්සන් තැබෙයි

July 13, 2018  07:10 am

Bookmark and Share


දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත් වුණි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ(13) පස්වරුවේ පැවැති මෙම සාකච්ඡාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර සහිතව පිළිගැනිම සිදු කර තිබේ.

අනතුරුව පැවැති සාකච්ඡාවේදී දෙරටට වැදගත් වන වෙළඳ සහ තාක්ෂණික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරට අතර වෙළඳ පරතරය අඩුකර ගැනීම පිළිබඳ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කර තිබේ.

එහිදී ජනාධිපතිවයා ඉල්ලා ඇත්තේ කෘෂිකාර්මික, කාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍ර තුළ තායිලන්තය ලබා ඇති ප්‍රගතිය මෙරටදී ක්‍රියාත්මක කිරිමට සහය පළ කරන ලෙසයි.

අදාළ සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුම් 04කට අත්සන් තබා තිබේ.

නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් හුවමාරු කර ගැනීම, ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය, ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා තාක්ෂණික සහයෝගිතාවය සහ තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන එම ගිවිසුම් වෙයි.