Back to Top

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකිමේ සංගමය අද විරෝධතාවයක

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකිමේ සංගමය අද විරෝධතාවයක

July 13, 2018  07:00 am

Bookmark and Share

ත්‍රිරෝද රථ ගාස්තු සඳහා නියාමනයක් ඇති කරන ලෙස ඉල්ලා අද(13) පෙරවරුවේ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව සමස්ත ලංකා කූලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකිමේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති චරිත් අත්තනපොල මහතා මේ බව සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආර්ථික ප්‍රශන දිනෙන් දින වැඩි වන බවත් ජීවන වියදම ඉහළ යාම නිසා ආදායමද පහළ ගොස් ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ආදායම සහතික කර ගැනීම සඳහා ක්ෂේත්‍රයට පාලන මිලක් ලබා ගැනීම හා කුලී රථ නියාමනයක් ඇති කිරීම සඳහා රජයට බල කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.