Back to Top

චිත්‍රපට බෙදාහැරීම ගැන තීරණයට එරෙහි අතුරු තහනම් නියෝගය දිගු වෙයි

චිත්‍රපට බෙදාහැරීම ගැන තීරණයට එරෙහි අතුරු තහනම් නියෝගය දිගු වෙයි

July 12, 2018  02:43 pm

Bookmark and Share

 

චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට  පවරාගැනීමට ගෙන  ඇති තීරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබේ.

අද දෙරණ අධිකරණ  වාර්තාකරු සඳහන් කලේ අදාළ නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමිල රත්නායක මහතා මෙම නියෝගය ලබාදුන් බවයි.

චිත්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සමාගම් 04ක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම  නියෝගය ලබාදී ඇත.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා ලබන 17 වන දින එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා  ගොනු කරන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ.

චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා එම  ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. 
 



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.