Back to Top

හමුදා කෝප්රාල්වරයාට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

හමුදා කෝප්රාල්වරයාට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

July 12, 2018  11:13 am

Bookmark and Share

 

රත්මලාන, චකින්දාරාම පාර ප්‍රදේශයේදී යුධ හමුදා කෝප්රාල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධීයට අදාළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ සැඟව සිටි සැකකරු ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය මස 25 වනදා උදෑසන රත්මලාන චකින්දාරාම පාර ප්‍රදේශයේ නිවසක සිටි හමුදා කෝප්රිල්වරයෙකුට ත්‍රීරෝද රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබිණි.
 
සිද්ධියෙන් තුවාල ලැබූ කෝප්රකල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරිණි.

සිද්දිය සම්බන්ධයෙන් විමර්හන සිදුකළ මිරිහාන අපරාධ විමර්ශන ඒකකය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේය.

අදාළ පුද්ගලයා  විසින් පවත්වාගෙන යනු ලැබූ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ තිබී ගිනි අවියක්, එම උණ්ඩ 14ක් සහ මැගසින් එකක් ද සොයාගෙන තිබේ.

ප්‍රේම සම්බන්ධතාවක් මෙම වෙඩි තැබීමේ සිද්ධියට හේතු වී ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.