Back to Top

සාදයක් සඳහා කල්පිටියෙන් මීගමුවට ගිය දෙදරු මවක් අතුරුදහන්

සාදයක් සඳහා කල්පිටියෙන් මීගමුවට ගිය දෙදරු මවක් අතුරුදහන්

July 12, 2018  08:53 am

Bookmark and Share

සාදයකට සහභාගි වීමට කල්පිටියේ සිට මීගමුවට ගිය දෙදරු මවක් අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි.

ඊයේ (11) මෙම පැමිණිල්ල කල්පිටිය පොලීසිය වෙත ලැබී තිබේ.

අතුරුදහන්වී ඇත්තේ කල්පිටිය-කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඉෂාරා නිශාදි නැමති වයස අවුරුදු 29 ක් වු දෙදරු මවකි.

පසුගිය 06 වැනිදා රාත්‍රියේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක පවත්වා ඇති සාදයකට සහභාගි වීම සඳහා මෙම කාන්තාව ඇයගේ දරුවන් සහ ස්වාමි පුරුෂයා සමඟ ගොස් ඇත.

එම සාදය 07 වැනිදා අළුයම දක්වා තිබී ඇත.සාදය අවසානයේදී තම බිරිඳ අතුරුදහන්වී ඇති බව ස්වාමි පුරුෂයා දැන ගෙන තිබේ.

පසුව ඔහු මේ බව මීගමුව පොලීසියට පැමිණිලි කරමින් ඒ බව සඳහන් කර ඇත.

තම බිරිඳට සැඟව සිටීමට හේතුවක් නොමැති බවත්,කිසියම් පිරිසක් විසින් ඇය පැහැර ගෙන යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

මීගමුව පොලීසිය විසින් තම පැමිණිල්ල සම්බන්ධයෙන් දක්වන්නේ මන්දගාමී ස්වාභාවයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසියටද පැමිණිලිකළ බවද ඔහු සඳහන් කරයි.

පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.