විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව ප්‍රංශයේ විරෝධතාවක්

විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව ප්‍රංශයේ විරෝධතාවක්

July 11, 2018   10:07 pm


එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

එහිදී විරෝධතාකරුවන් වෙත පැමිණි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් තමන්ද මෙම විරෝධතාවට සහය පළ කරන බව සඳහන් කළේය. 

කිසිදු ශ්‍රී ලාංකිකයකු බෙදුම්වාදී ත්‍රස්තවාදය යළි හිස ඔසවනවාට විරුද්ධ බවත් ඊට කිසිදු ලෙසකින් සහාය නොදක්වන බවත් ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

අගමැතිවරයාට බාරදීම පිණිස ඉහත සිදුවීම පිළිබඳව විරෝධතාව දක්වමින් එම පිරිස විසින් ලියූ සංදේශයක් පසුගිය 09 වනදා තානාපතිවරයාට ලබාදීම ද මෙහිදී සිදුවිය.