Back to Top

අංකුඹුරේ ගිලනුන්ගේ ඉරණම

අංකුඹුරේ ගිලනුන්ගේ ඉරණම

July 11, 2018  09:34 pm

Bookmark and Share


ගිලනුන් ගෙන යාමට නිසි ලෙස ගිලන් රියක් නොමැති දිසා රෝහලක් ගැන පුවතක් අද දෙරණට වාර්තාවුණි.

මේ මහනුවර අංකුඹුර දිසා රෝහලේ කලක සිට රෝගීන් ගෙන යෑම සඳහා රෝහලට රෝගීන් රැගෙන පැමිණෙන ඕනෑම වාහනයක රෝගීන් රැගෙන යාම සිදු කරන්නේ මාස 09 කට අධික කාලයක සිටයි.

රෝගියෙකු රැගෙන ලොරි රථයක පැමිණි පිරිසක් මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අසාධ්‍ය රෝගියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට රැගෙන යන අවස්ථාවක ජංගම දුරකතනයකින් මෙලෙස පටිගත කර තිබුණි.
 
ඒ අනුව අද දෙරණ මේ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ මහනුවර අංකුඹූර දිසා රෝහල සතුව ගිලන් රථයක් තිබුණද එය ධාවනය කිරීම සඳහා රියදුරෙකු නොමැති වීම හේතුවෙන් මෙලෙස රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳව අදාළ බලධාරීන්ව දැනුවත් කිරීමට රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කළද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැත.

ගිලන් රථයක් මාස 09 ක සිට රියදුරෙකු නොමැතිව රෝහලේ ගාල් කර තිබියදී එයට රියදුරෙකු පත්කිරීමට බලධාරීන් අපොහොසත් වීම තුළ රෝගීන්ට සිදුවන අසාධාරණයට වගකිවයුත්තෝ කවුරුන්ද?

අද දෙරණ සෞඛ්‍ය බලධාරීන්ගේ විමසා සිටියි.