විජයකලාගේ ප්‍රකාශය ගැන මහින්දගෙන් පැහැදිලි කිරීමක්

විජයකලාගේ ප්‍රකාශය ගැන මහින්දගෙන් පැහැදිලි කිරීමක්

July 9, 2018   07:22 pm

 

දෙමළ ජනතාවට ආණ්ඩුව ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය සිදුකළ ප්‍රකාශයෙන් පෙනීයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(09) බදුල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය විසින් උතුරේ ජනතාව ද රැවටීමට ලක් කර ඇති බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා බදුල්ල මුතියංගණය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

මේ අතර අද බදුල්ල ජන පවුර වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළත් විකිණීමට කටයුතු කර ඇති බවයි.