රනිල් ජනාධිපතිවරණයට එනවා නම් කිසිම අපේක්ෂකයෙක්ට බාධාවක් නෑ

රනිල් ජනාධිපතිවරණයට එනවා නම් කිසිම අපේක්ෂකයෙක්ට බාධාවක් නෑ

June 14, 2018   01:58 pm

ඉදිරි ජනාධිපවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාත ඉදිරිපත් වන්නේ නම්  කිසිදු අපේක්ෂකයෙකුට බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(14) කොළඹ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම් එකතු ආකාරයෙන් ඉදිරියේදී මේ දෙදෙනාත් එකතුවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ විරෝධී ඕනෑම පක්ෂයකට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාධ්‍ය සකච්ඡාක් තබා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතිබව මන්ත්‍රීවරයා පැවසීය.