නිධන් හෑරූ හිමි නමක් ඇතුළු 3ක් මාට්ටු

නිධන් හෑරූ හිමි නමක් ඇතුළු 3ක් මාට්ටු

June 14, 2018   10:39 am


තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ බෝදාගම ග්‍රාම නිළධාරී වසමේ විහාරස්ථානයක් පිටුපස කැළෑ බද ස්ථානයක නිධන් සොයා කැනීම් කරමින් සිටි හිමි නමක් සහ පුද්ගලයන් තිදෙනෙකු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(14) අලුයම සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම සැකකරුවන් අම්බලන්තොට, සූරියවැව සහ බෝදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් වන අතර සැකකරුවන් සන්තකයේ තිබූ කැනීම් සඳහා උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිහත් පනහත් අතර වයස් වල පසුවන පිරිසක් බව තණමල්විල පොලීසිය පවසයි.

සැකකරුවන් අද(14) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.