Back to Top

විදුලි සැර වැදී වන අලියෙකු ජීවිතක්ෂයට

විදුලි සැර වැදී වන අලියෙකු ජීවිතක්ෂයට

June 14, 2018  10:35 am

Bookmark and Share

 

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙලුවගල ග්‍රාම නිලධාරී වසමේ පෞද්ගලික ඉඩමකදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

නිවසකට ජලය ලබා ගන්නා ජල මෝටරයකට දැමු විදුලි වයරයෙන් විදුලිය වැදී මෙම වන අලියා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇති වන අලියා වයස අවුරුදු විසිපහත් තිහත් අතර වයසක පසුවන බව වනජීවි නිලධාරීන් පවසයි.

ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම මේ වන විට උග්‍ර වී ඇති අතර ප්‍රදේශයේ වගාබිම් රැසක්ද වනඅලි විසින් විනාශ කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

වන අලියා පිලිබඳ පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය අඩවි වන කාර්යාලය පරීක්ෂණ සිදු කරයි.