අවුරුදු 14 ක දැරියක් සහේට ගත්ත 21 හැවිරිදි තරුණයාට වැඩ වැරදෙයි

අවුරුදු 14 ක දැරියක් සහේට ගත්ත 21 හැවිරිදි තරුණයාට වැඩ වැරදෙයි

June 13, 2018   11:33 am

බාලවයස්කාර ගැහැණු ළමයෙකු දූෂණය කලා යැයි සැකපිට දඹානේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලීසිය පවසයි.

වයස අවුරුදු 14 යි මාස 11 ක් වයසැති මෙම ළමයා සමඟ සැකකරු පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇගේ මිත්තිනයගේ නිවසේ සිට මෙම තරුණයා සමඟ ගොස්  සැකකරුගේ අක්කාගේ නිවසේ ගත කර ඇති බව විමර්ශනවලදි අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි.

දඹානට ආවේනික වු චාරිත්‍ර අනුව මෙම යුවල වෙනුවෙන් පිළිගැනීමක්ද සිදුව ඇතැයි පැවසෙයි.
  
සිද්ධියට මුහුණ පෑ ගැහැණු ළමයාගේ පියා  විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව සැකකරු ඊයේ(12) අත්අඩංගුවට ගෙන ඇති අතර ගැහැණු ළමයා වෛද්‍ය පරීක්ෂණය සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර , සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ  උපදෙස් මත මහියංණය පොලිස් ස්ථානාධිපති සී.ජී. කේ විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් මහියංගණය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.