Back to Top

අධිවේගී මාර්ගයේ බස්රථයක් පෙරළී 5කට තුවාල

අධිවේගී මාර්ගයේ බස්රථයක් පෙරළී 5කට තුවාල

June 13, 2018  11:13 am

Bookmark and Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 121 වන කිලෝමීටර් කනුව අසලදී ගොඩගම දක්වා දාවනය වෙමින් තිබු බස් රථයක් පෙරළීයාමෙන් එහි සිටි පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අද(13) අලුයම 5.30 පමණ කොක්මාදුව හා ගොඩගම අතර 121 වන කිලෝ මිටර් කනුව අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය මගීන් ප්‍රවාහන බස් රථයක් නොවන බවත් වෙනත් පිසිරිසක් ගමන් ගත් එකක් බවත් අධිවේගී මාර්ගයේ ගොඩගම පොලිස් ඒකකය පවසයි.

අනතුරින් තුවාල වූ අයගේ තත්ත්වය බරපතළ නොවන බවද අනතුරට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්බ කළ බව පොලීසිය සඳහන් කළේය.
  
අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.