Back to Top

කල්අඩියේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

කල්අඩියේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

June 13, 2018  10:56 am

Bookmark and Share

 

පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.