ගිනිඅවි හතරක් සමඟ හය දෙනෙක් මාට්ටු

ගිනිඅවි හතරක් සමඟ හය දෙනෙක් මාට්ටු

June 13, 2018   10:08 am

 

මොණරාගල ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ දී ඇතිමලේ පොලිසිය විසින් ඊයේ (12) රාත්‍රී සිදු කල වැටලීමකදී නීති විරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි හතරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් හයදෙනකු ඇතිමලේ පොලිසිය විසින් අත්වඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වන අතර මෙම සැකකරුවන් විසින් ප්‍රදේශයේ සතුන් දඩයම් කිරිමේ අරමුණින් මෙම ගිනිඅවි ලඟ තබාගෙන සිට ඇති බවට මූලික පොලිස් අනාවරණය වී තිබේ.

සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට මෙම ගිනිඅවි භාවිත කරමින් ප්‍රදේශයේ රක්ෂිත ආශ්‍රිතව සතුන් දඩයම් කර මස් අලෙවි කර ඇති බවටද පොලිසිය අවස්ථා කිහිපයකදී තොරතුරු ලැබී තිබිණි.

පසුව සූක්ෂම ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම ගිනිඅවි අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගිනිඅවි සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.