යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

June 13, 2018   09:24 am

 

යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

12 වැනිදා රාත්‍රී 7.00 ට පමණ පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ ආණමඩුව - තට්ටෑව පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ අජිත් අබේරත්න (අවු:50) නම්වූ දෙදරු පියෙකි. හෙතෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට ඇත.

පුත්තලම දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදියක් කල්අඩිය මංසන්ධියේදී පාලාවිය දෙසට හැරවීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේදී පිටුපසින් පැමිණ ඇති යතුරු පැදියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ ගැටී ඇත. මිය ගොස් ඇති අය පදවා ඇත්තේ පිටුපසින් ගමන් කර ඇති යතුරු පැදිය බව පොලීසිය පවසයි.

අනතුරින්  යතුරු පැදි දෙකෙහිම ගමන් කළ දෙදෙනාවම ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.ප්‍රතිකාර කරමින් සිටින අතරතුර එක් අයෙකු මිය ගොස් ඇත.

නොසැලකිලිමත් යතුරු පැදි ධාවනය අනතුරට හේතුව බව පොලීසිය ප්‍රකාශ කළේය.

පුත්තලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.