Back to Top

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබා පළා ගිය රථය සොයා ගනියි-සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබා පළා ගිය රථය සොයා ගනියි-සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ

June 13, 2018  09:20 am

Bookmark and Share

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය රථය මේ වන විට සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

එය UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයක් බව ද පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර ඇත.

ඊයේ(12) රාත්‍රී 11 ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි ‍ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍යේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව ද වාර්තා වෙයි.

මේ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු කිහිපයක් ලැබී ඇති අතර එය ඔස්සේ තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.