Back to Top

නිධන් හෑරූ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

නිධන් හෑරූ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

June 13, 2018  08:41 am

Bookmark and Share

 

මොණරාගල, ගුරුහෙල ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 මොණරාගල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා භාවිත කළ උපකරණ සහ පූජා භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (13) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.