Back to Top

සයුරෙන් එතෙර

වසංගතයක් හේතුවෙන් පුද්ගලයින් 23ක් මරුට

වසංගතයක් හේතුවෙන් පුද්ගලයින් 23ක් මරුට

May 17, 2018  09:40 pm

Bookmark and Share


කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ රාජ්‍යයේ පැතිර යමින් පවතින එබෝලා වසංගතය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් ලබාදුන් එන්නත රට තුළට රැගෙන ඒමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව එම වැඩපිළිවෙලේ පළමු අදියර ලෙස එන්නත් 4000ක් පමණ රට තුළට රැගෙන විත් තිබේ.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා සිට රැගෙන ආ එන්නත ඉදිරියේදී  කින්ෂාසා අගනුවරට යැවීමට පියවර ගනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත  විශාල පිරිසක් මරණයට පත්කරමින් බටහිර අප්‍රිකානු රටවල් වල  එබෝලා වසංගතය පැතිර ගිය අවස්ථාවේ භාවිතයට ගෙන ඇති බව සඳහන්ය.

මෙම එන්නත මීට වසර දෙකකට පමණ පෙර තවත් වැඩිදියුණු කර ඇති අතර ඉන් අනතුරුව එය භාවිතයට ගැනෙන පළමු අවස්ථාව මෙයයි.

ඊසානදිග කොංගෝ රාජ්‍යයේ පැතිර යමින් පවතින එබෝලා වසංගතය මර්දනය කිරීම සඳහා මෙම එන්නත යොදා ගැනීමට හැකිවනු ඇතැයි කොංගෝ සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරයි.