අකුණු සැර වැදිලා තරුණයෙක් අවසන් ගමන් යයි

අකුණු සැර වැදිලා තරුණයෙක් අවසන් ගමන් යයි

May 17, 2018   09:05 pm

 

අකුණු සැර වැදීමෙන් කන්තලේ - මොල්ලිපොඨාන යුනිට් අට ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ.

අද (17 )පස්වරුවේ තම පියාගේ කුඹුරු යායක වැඩ කරමින් සිටි මෙම තරුණයා අකුණු සැර වැදී බරපතළ තත්ත්වයෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී  මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 මෙලෙස මියගොස් ඇත්තේ මොල්ලිපොඨාන යුනිට් අට ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි නස්ලින් මුනිස් නම් අයෙක්ය.

 මෘත ශරීරය කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ කන්තලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.