T.I.D ය ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මර්ධනය කරන්න කටයුතු කරන බවට චෝදනාවක්

T.I.D ය ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මර්ධනය කරන්න කටයුතු කරන බවට චෝදනාවක්

May 17, 2018   06:44 pm

 

ත්‍රස්ත විමර්ශන ඒකකය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මැදිහත්වූයේ දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා බව පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා පැවසීය.

ආණ්ඩුවට පාලනය කිරීමට නොහැකි වූ සිදුවීමක් ඒකාබද්ධ විපක්ෂය මත පැටවීමට උත්සහ කරන බව දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.