රටේ ආර්ථිකය ශක්තිමත් කර ඇති බව අගමැති කියයි

රටේ ආර්ථිකය ශක්තිමත් කර ඇති බව අගමැති කියයි

May 17, 2018   06:02 pm

 

වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය ද ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුවට හැකි වී ඇති බවයි.

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.