Back to Top

හෙද සේවයට කළ සේවයට රාජිතට විශේෂ සම්මානයක්

හෙද සේවයට කළ සේවයට රාජිතට විශේෂ සම්මානයක්

May 17, 2018  04:51 pm

Bookmark and Share

හෙද සේවාව නංවාලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගත් කි‍්‍රයාමාර්ග අගය කරමින් විශේෂ සම්මානයක් හිමිවි තිබේ.

ඒ ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කළ හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත් වු අවස්ථාවේ දීය.

හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පිරිස් අගයමින් සම්මාන හා තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආෂු මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.